අභ්යන්තර කටයුතු ඒකකය
ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඒකාබද්ධව ආරම්භ කරන ලද "සියලු රාජ්ය ආයතනවල අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ නව වැඩසටහන"ට සමගාමීව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව මෙම කාර්යාලය තුළ ද අභ්යන්තර කටයුතු ඒකකයක් පිහිටුවා ඇත.
ඒ අනුව, ආයතනය තුළ,
- නීති හා රෙගුලාසිවලට අනුගත වීමේ සංස්කෘතියක් ගොඩනැගීම
- අනුගත වීමේ සැලැස්මක් සහ චර්යා ධර්ම සංග්රහයක් සකස් කිරීම
- විනය ක්රියාමාර්ග ගැනීමේ ක්රියාවලියක් සකස් කිරීම
- අවදානම් සහිත ක්ෂේත්ර හඳුනා ගැනීමේ ක්රමවේදයක් සකස් කිරීම
යන කටයුතු සිදු කෙරේ.
ඒ අනුව, අප කාර්යාලය තුළ සිදුවන යම් අක්රමිකතාවක්, දූෂණයක් හෝ වංචාවක් පිළිබඳව ඔබ දන්නේ නම්, පහත ක්රමවේදය ඔස්සේ ඍජුව හෝ නිර්නාමිකව ඒ පිළිබඳ තොරතුරු වාර්තා කළ හැකිය.
• පහත ලිපිනයට තැපෑලෙන් යොමු කරන්න:
“සුපිළිපන් නිලධාරී”
අභ්යන්තර කටයුතු ඒකකය,
ගඟ ඉහළ කෝරළේ ප්රාදේශීය ලේකම් කාර්යාලය,
කුරුඳුවත්ත නව නගරය.
අභ්යන්තර කටයුතු ඒකකය
| සුපිළිපන් නිලධාරි |
තුෂානි වික්රමසිංහ මිය (පරිපාලන නිලධාරි) |
|
| ඊ-මේල් |
|
|
| දුරකථන අංකය | 081-2352604 | |
| වට්ස්ඇප් |
IAU පැමිණිලි ද්වාරය (Complaint Portal) වෙත පිවිසීම සඳහා ඔබගේ ජංගම දුරකථන කැමරාව භාවිතයෙන් මෙම QR කේතය ස්කෑන් කරන්න.















