අපගේ දැක්ම

සාමුහිකත්වයෙන් සෞභාග්‍ය කරා

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව සේවා සැලසීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම,තිරසාර හා සැළසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලිම

මනහර කඳුවැටි හා නිම්න භූමීවලින් ස්වභාව සෞන්දර්යෙන් පිරි අභිමානවත් ඉතිහාසයකට   උරුමකම් කියන ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මැද රට තෙත් කලාපයේ බටහිර දෙසින් උස්බිමක පිහිටා ඇත.

වර්ග කි.මි.103.56 ක් හෙවත් හෙක්ටයාර් 9480 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර එය මහනුවර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 4.84 ක් වේ. ගම්මාන 180 කින්  සමන්විත මෙම කොට්ඨාසය ග්‍රාම නිළධාරි වසම් 31 කට වෙන් කර ඇත.ජනගහණය 66484 වන අතර පවුල් 17147 කින් හා නිවාස ගණන 15660කි.මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 20 අතුරින් මධ්‍යම ජනගහණයක් සිටින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය වේ.2017 මැතිවරණ නාම ලේඛණයට අනුව ජන්ද දායකයන් 44950 කි.මෙම කොට්ඨාසයේ අදාළ පළාත් පාලන ආයතනය වශයෙන් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශිය සභාව ක්‍රියාත්මක වේ..

කෘෂී කාර්මික කටයුතු වලදි ගඟ ඉහළ කොට්ඨාසය කුරුදුවත්ත ගොවිජන  කොට්ඨාසයට අයත් වේ .මා ඔය ජල පෝෂක ප්‍රදේශය  හා මහවැලි රක්ෂීතය මෙම කොට්ඨාසයට අයත් වේ.

කුඹූරු විශාල ප්‍රමාණයක් පුරන් ව ඇති අතර, 2017 වර්ෂයේදි අස් වද්දන ලද මුළු භුමි ප්‍රමාණය සුළු හා විශාල වාරි මාර්ග යටතේ හා වර්ෂා පෝෂීත වශයෙන් හෙක්ටයාර් 356.2 ක් වේ.

මිට අමතරව කෘෂීකාර්මික භෝග වගාව යටතේ තේ හෙක්ටයාර් 2732.2 පොල්  හෙක්ටයාර් 313 ගම්මිරිස් හෙක්ටයාර් 305.5 ක් ද කරාබු හෙක්ටයාර් 448.4 ක් වගා කර ඇති බවට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන් අනුව සඳහන් වේ.අනෙකුත් කුරුදු ,කෝපි,බුලත්,රබර් සුළු වශයෙන් වගා කර ඇති බවටද වාර්තා හි සඳහන් වේ .

මෙම කොට්ඨාසයේ මුළු පාසල් ගණන 30 ක් වන අතර 23 ක් සිංහල මාධ්‍ය පාසල් වන අතර 7 ක් ද්‍රවිඩ මාධ්‍ය පාසල් වේ.සිංහල මාධ්‍ය පාසල් අතරින් 2 ක් ජාතික පාසල් වන අතර 3 ක් මහා විද්‍යාල වේ. 10 ක් ප්‍රාථමික පාසල්වන අතර 8 ක් කණීෂ්ඨ විද්‍යාල වේ. දෙමළ මාධ්‍ය පාසල් අතරින් මහා විද්‍යාල 2 ක් ද කණිෂ්ඨ විද්‍යාල 3 හා ප්‍රාථමික විද්‍යාල 2 ක් වේ.

භු විෂමතාව අනුව ගඟ ඉහළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මුහුදු මට්ටමේ සිට අඩි 500 ත් 1500 ක් වන අතර කඳු කර භූ විෂමතාවයකින් යුක්ත වන අතර නැගෙනහිර දෙසින් මහවැලි ගඟට මායිම් ව ඇත.උසම භූමිය  ලෙස දකුණූ දෙසින් දොළොස්බාගේ කඳු වැටිය පිහිටා ඇති අතර, නැගෙනහිරින් රාක්ෂාව කඳුවැටිය ද වයඹ දෙසින් අම්බුළුවාව කඳුවැටිය ද ඊසාන දෙසින් උලපනේ කඳු වැටිය ද බස්නාහිර නිරිත දෙසින් වැටකේදෙණිය කඳු වැටිය හා කරගල කඳු වැටිය පිහිටා ඇත.දකුණ හා බස්නාහිර මායිම් ව දළ බැවුම් සහිත ප්‍රදේශ වන අතර අනෙකුත් ප්‍රදේශ රැළිබිම් හා තැනි බිම් වලින් යුක්ත වේ.

ජල සම්පත් අනුව ප්‍රධාන ජල මුලාශ්‍රය මා ඔය වේ.එය රාක්ෂාව ජල පෝෂීත ප්‍රදේශයේන් ආරම්භ වි දකුණූ දෙසින් සබරගමුව පළාත හරහා අරණායක මාවනැල්ල ප්‍රදේශය හරහා මීගමුවෙන් මුහුදට වැටේ.කුඩා ඔය හා වෙනත් අතු ගංඟා වලින් මා ඔය නිර්මාණය වි ඇති අතර උතුරු හා ඊසාන දෙස ගලා බසිනා කුඩා දිය පාරවල් වලින් මහවැලි ගඟ පොෂණය වේ.

ජල අවශ්‍යතා සපුරා ගැනිම සඳහා කුඩා ජලාශ 3 ක් ද පිහිටා ඇත.මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ  මොරගොල්ල ජලාශය ඉදිකිරිමට නියමිතය.

ඒ අනුව ගඟ ඉහළ ප්‍රාදේශය ලේකම් කොට්ඨාසයේ භෞතික හා මානව සම්පත්හි ප්‍රමාණාත්මක හා ගුණාත්මක විභවතාවයන් හඳුනාගත හැකි අතර එමගින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන ශක්‍යතා හදුනාගෙන තිරසාර සංවර්ධන ව්‍යාපෘතින් දිශා ගත කළ හැකිය.

1986 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ආර්.බී. අබේසිංහ 1990 1991
එස්.එම්. දසනායක 1991 1993
ඩී.එම්.ආර්.බී. දිසානායක  1993 1994
ආර්. පිටකොටුව 1994 1995
දයා එල්. සිරිවර්ධන 1995 1996
එම්.ආර්. ජයතිලක 1996 2001
ටී.එම්.එස්. බණ්ඩාර තෙන්නකෝන් 2001 2002
ආර්.පී.රාජරත්න 2002 2005
එම්.ඩී.ආර්. ජයකොඩි 2005 2011
ටී.ඒ.ඩී.ඩබ්. දයානන්ද 2011 2015
ඒ. මංගල වික්‍රමආරච්චි 2015 2017
කේ.ජී. ලෙනරෝල් 2017 2021
සී.කේ. අමරකෝන් 2021 2024
ජේ.එම්.ආර්. ජයසුන්දර 2024 2024
එස්.එම්.සී. සමරකෝන් 2024  

News & Events

09
සැප්2025
ලේ දන් දීමේ පිංකම

ලේ දන් දීමේ පිංකම

ගඟ ඉහළ කෝරළේ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල...

Scroll To Top