රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’ ජාතික වැඩසටහනෙ 2025 සැප්තැම්බර් 01 දින සිට 04 දින දක්වා ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී අති සාර්ථක ලෙස දියත් විය.රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’ ජාතික වැඩසටහනෙ 2025 සැප්තැම්බර් 01 දින සිට 04 දින දක්වා ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී අති සාර්ථක ලෙස දියත් විය.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීම සඳහා සාමකාමී, සෞඛ්‍යාරක්ෂිත සහ මනා ලෙස සංවිධානය වූ වැඩ පරිසරයක් නිර්මාණය කිරීමයි. ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අයත් ‘සෙයිරි’ යන්නෙන්, ආයතනයකට අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අදහස් කෙරේ. ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ සීමිත ඉඩකඩ ප්‍රශස්ත ලෙස භාවිත කරමින්, ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී ප්‍රමුඛ කාර්යයක් වනු ඇත.
මේ සඳහා ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම්තුමා වන චන්දන සමරකෝන් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මනා පිටිවහලක් වු අතර කාර්යාලයීය නිලධාරීන්ගේ නොමඳ සහයෝගයෙන් මෙම කටයුතු සාර්ථක කරගන්නා ලදි.




























