දරුවන් මුහුණ පාන මනෝසාමාජීයීය ගැටලු අවම කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල වගකීම හා වගවීම පිළිබඳ සුසංවාදී කතිකාවත ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කරන ලදි. දරුවන් විසින් ම සිදු කරන ලද එකී ගැටලු පිළිබඳ සමීක්ෂණ දත්ත පදනම් කර ගනිමින් එකී කතිකාවත සිදු කෙරුණු අතර එම ගැටලු අවම කිරීම උදෙසා වග කිව යුතු සියලු පාර්ශ්ව එකතුවෙන් ඉදිරි වර්ෂ සඳහා ක්‍රියාත්මක සැලැස්මක් ද සකස් කරන ලදි. මෙම සියලු කටයුතු සංවිධානය හා මෙහෙය වීම World Vision ආයතනය මගින් සිදු කෙරිණි .


















